අවාසනාවන්ත මරණයක් - අකුණුසැර වැදී කාන්තාවක් මරුට තවත් අයෙක් රෝහලේ

By Mithu May 03, 2026 03:31 AM GMT
Report

හබරාදූව, කොක්වත්ත ප්‍රදේශයේදී නිවසකට අකුණු සැර වැදීමෙන් සිදුවූ අවාසනාවන්ත අනතුරකින් 26 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරන මෙම තරුණියන් දෙදෙනා ඔවුන් රැඳී සිටි නේවාසිකාගාරය තුළ සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

දැන් මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රමානුකූලව පාලනය කරලා තියෙන්නේ - ආරක්ෂක ලේකම්

දැන් මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රමානුකූලව පාලනය කරලා තියෙන්නේ - ආරක්ෂක ලේකම්

අකුණු සැර වැදීමෙන් බරපතළ තුවාල ලැබූ අනෙක් කාන්තාව මේ වන විට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පවතින වැසි සහිත කාලගුණයත් සමඟ අකුණු අනතුරු පිළිබඳ සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට නැවතත් අවධාරණය කරයි.

මාලදිවයින් ජනපති අද දිවයිනට

මාලදිවයින් ජනපති අද දිවයිනට