මාලදිවයින් ජනපති අද දිවයිනට

Report

ශ්‍රී ලංකාවේ විදේශ සබඳතාවල නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා අද දිවයිනට පැමිණීමට නියමිතය.

මෙය ඔහු 2023 වසරේදී ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මෙරට සිදු කරන ප්‍රථම නිල රාජ්‍ය සංචාරය වන අතර එය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ ආරාධනයකට අනුව සිදු වන්නකි.

ලග්න රැසකට සුබ අසුබ කැන්දන අද දවසේ ඔබේ ලග්නයට වාසනාව ගෙනෙන අද ලග්න පලාපල

ලග්න රැසකට සුබ අසුබ කැන්දන අද දවසේ ඔබේ ලග්නයට වාසනාව ගෙනෙන අද ලග්න පලාපල

ලබන 06 වනදා දක්වා මෙරට රැඳී සිටින මාලදිවයින් ජනාධිපතිවරයා, දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ අවබෝධතා ගිවිසුම් හයකට අත්සන් තැබීමට නියමිතව ඇත.

මෙම සංචාරය හේතුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය දන්වා සිටී.

මෙයට සමගාමීව රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මහතා ද සිය නියෝජිත පිරිස සමඟ අද දිනයේ තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි.

අද කාලගුණයේ වෙනසක් - මේ ප්‍රදේශවල ජනතාවට දැනුවත් කිරීමක්

අද කාලගුණයේ වෙනසක් - මේ ප්‍රදේශවල ජනතාවට දැනුවත් කිරීමක්

රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙරට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවී දෙරටේ සෞඛ්‍ය පද්ධතීන් අතර සහයෝගීතාව වර්ධනය කිරීම සහ වෛද්‍ය තාක්ෂණය හුවමාරු කර ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.

මීට අමතරව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සමඟ ද ඔහු රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පවත්වනු ඇත.

සිය සංචාරය අතරතුර රුසියානු දූත පිරිස කොළඹ ජාතික රෝහල සහ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය නිරීක්ෂණය කිරීමට ද සැලසුම් කර ඇති අතර ඔවුන් ලබන 05 වනදා දක්වා මෙරට රැඳී සිටිනු ඇත.