දැන් මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රමානුකූලව පාලනය කරලා තියෙන්නේ - ආරක්ෂක ලේකම්
ආරක්ෂක ලේකම්, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පවසන්නේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන ඇති බවයි.
මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු අවධාරණය කළේ, පසුගිය කාලසීමාව පුරා ඇතැම් පාර්ශවවල ආශිර්වාදය සහ බලපෑම මත ඉතා නිදහසේ ක්‍රියාත්මක වූ මත්ද්‍රව්‍ය ජාලයන් පාලනය කිරීම සඳහා විධිමත් පරීක්ෂණ අඛණ්ඩව සිදුකරන බවයි.
ජාවාරම්කරුවන් කවුරුන් වුවද ඔවුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත්, මත්ද්‍රව්‍ය උවදුරින් රට නිදහස් කර ගැනීම රජයේ මූලික ඉලක්කයක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා
'' මත්ද්‍රව්‍ය ජාවාරම කාලයක් තිස්සේ මේ රටේ ඉතාමත් නිදහසේ පැවතිච්ච දෙයක් සෑහෙන පිරිසකගේ ආශිර්වාදය බලපෑම යටතේ තමා ඒක කෙරුණේ.. නමුත් දැන් එහෙම වෙන්නේ නෑ ක්‍රමානුකූලව ඒවා පාලනය කරලා තියෙනවා.. ඒවා මේ රටෙන් තුරන් කරන්න ත්‍රිවිධ හමුදාව විශේෂයෙන්ම මේ දවස්වල නාවික හමුදාව ලොකු කාර්යභාර්යක් කරනවා.. ඊට අවශ්‍ය කරන තීන්දු තීරණ අරන් තියෙනවා.. මහජන ආරක්ෂක අමාත්‍යංශයට අවශ්‍ය කරන උපරිම සහයෝගය ලබා දෙනවා.. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රමනුකූලව නැති කරලා දානවා.. ඊට සම්බන්ධ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නවා.. මේවට සම්බන්ධ මහමොළකරුවන්ට, බිස්නස් කරන අයට ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ගවලට යටත් වෙන්න වෙයි''