පොලිස් රාජකාරියට බාධා කළ කාන්තාව අද අධිකරණයට

Report

 ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ ඥාතියකු යැයි පව­ස­මින් පොලිස් නිල­ධා­රීන්ගේ රාජ­කා­රි­යට බාධා කර­මින් කළහකාරීව හැසි­රුණු කාන්තාව අද (03) යළි ගම්පහ අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව ඇත.

ගම්පහ, උඩු­ග­ම්පොළ ප්‍රදේ­ශයේ බණ්ඩා­ර­නා­යක අනු­ස්ම­රණ පොදු පුස්ත­කා­ලය ඉදි­රි­පි­ටදී මෙම සිදුවීම සිදුව තිබේ.

රථ­වා­හන වර­දක් සම්බ­න්ධ­යෙන් පොලිස් නිල­ධා­රීන් විසින් මෝටර් රථය නතර කිරී­මට උත්සාහ කළ අව­ස්ථා­වේදී ඔවුන්ගේ අණ නොතකා රිය ධාව­නය කළ ඇය උඩු­ග­ම්පොළ, මිනු­ව­න්ගොඩ ප්‍රදේ­ශ­යේදී මෙලෙස අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 5, තිඹි­රි­ග­ස්යාය ප්‍රදේ­ශයේ පදිංචි ව්‍යාපා­රික කාන්තා­වකි.

ඉන්පසුව එම කාන්තාව අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් පසු ගම්පහ වැඩ­බ­ලන මහේ­ස්ත්‍රාත් තුසිත සෙන­රත් මහතා ඇය අද (03) තෙක් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස නියෝග කර තිබේ.

ඇයට රිය නතර කරන ලෙස පොලි සංඥාා නිකුත් කළ නතර නොකොට රිය ධාවනය කිරීම නිසස් ඇය පසුපස ලුහුබැද ගොස් ඇය නතර කිරීමට පොලීසිය උත්සාහ කරන විට මෙම කලහකාරී තත්වය සිදුව ඇත.

තවත් දරුණු මාරක අනතුරක් - එක් අයෙක් ජීවිතක්ෂයට

තවත් දරුණු මාරක අනතුරක් - එක් අයෙක් ජීවිතක්ෂයට

පොලී­සිය විසින් අධි­ක­ර­ණ­යට කරුණු දක්වා ඇත්තේ රථ­වා­හන නීති කඩ­ක­ර­මින් වාහ­නය ධාව­නය කළ බව­ටත්, පරීක්ෂා කිරී­මට යෑමේදී කල­හ­කා­රීව හැසි­රුණු බව­යි.;

සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිට  සැකකාරිය කළහකාරී ලෙස හැසිරෙන වීඩියෝ පටයක් ව්‍යාප්ත වෙමින් පවතී.  

තරග විභාගවලින් ජයෙන් ජයම ලැබෙන මේ ලග්න හිමියන් අද දවසේ මේ වැඩවල නම් නිරත වෙන්න හිතන්නවත් එපා

තරග විභාගවලින් ජයෙන් ජයම ලැබෙන මේ ලග්න හිමියන් අද දවසේ මේ වැඩවල නම් නිරත වෙන්න හිතන්නවත් එපා