මත් පැන් සැල් විවෘත කිරීමට අවසර ලබා දෙයි ?

Covid 19 Wine stores
By Sithumi Sep 17, 2021 10:46 AM GMT
Sithumi

Sithumi

Report

අද 17 සිට මෙරට මත්පැන් සල් විවෘත කිරීමට අවසර ලබා දී ඇති බවට මාධ්‍ය වාර්ථා පලවී තිබේ. 

මේ පිළිබදව සොයා බැළීමේදි අප වාර්ථාකරු සදහන් කළේ මේවන විට මත් පැන් සැල් කිහිපයක් විවෘතව ඇති බවයි.

ඒ අවට මත්පැන් ලබා ගැනීම සදහා දිගු පෝලිම්.දක්නට ලැබෙන බවද අප වාර්ථාකරුවන් සදහන් කරයි.

හැටන් ප්‍රදේශයේ සුරාසැල් විවාත කර තිබෙන බව වාර්තා වේ. මේ හේතුවෙන් එම ප්‍රදේශවල දිගු පෝළීම් ද ඇතිවී තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ අද (17) පස්වරුවේ සිට මෙලෙස සුරාසැල් විවෘත කිරීමට පියවර ගෙන තිබූ බවය.

එහි ඡායාරූප පහතින්,

එමෙන්ම, කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ කොවිඩ් මර්ධන කමිටුවේදී තීරණය කර තිබෙනවා. ඒ අනුව නිරෝධායන ඇඳිරි නිතිය ඔක්තෝම්බර් මස 01 වෙනිදා දක්වා දීර්ඝ කෙරෙනු ඇති. 

 මෙම නිරෝධායන ඇඳිරි නිතිය කොන්දේසි වලට යටත්ව ඔක්තෝම්බර් මස 01 වෙනිදා දක්වා ක්‍රියාත්මක කරනු ඇති බවත්, එම කොන්දේසි කවරේද යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙනු ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර සිටියේ. කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා ඉකුත් අගෝස්තු මස 20 වෙනිදා සංචරණ සීමා පනවනු ලැබූ අතර එය ඉකුත් අගෝස්තු මස 31 වෙනිදා සිට නැවතත් දීර්ඝ කිරීමට තීරණය කෙරුණා. 

මේ අතර රට පුරා අගුලු දැමීම සැප්තැම්බර් 18 සිට ඔක්තෝබර් 2 දක්වා දීර්ඝ කළ හොත් එයින් පිළිවෙලින් මරණ 7,500 ක් සහ 10,000 ක් ගලවා ගත හැකි වනු ඇති බව මීට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂඥ කණ්ඩායම ප්‍රකාශ කළා. 

 එවැනි තත්ත්වයක් සහ සෞඛ්‍ය අංශයන්ගේ දැඩි ඉල්ලීම මත මෙලෙස දිවයින පුරා නිරෝධායන ඇඳිරි නීතිය ලබන ඔක්තෝම්බර් 01 වන දින දක්වා යළි දීර්ඝ කරන්නට ඇති.

GalleryGalleryGalleryGalleryGallery