ජනප්‍රිය ගායක සනුක වික්‍රමසිංහගේ උපන්දිනයදා ඔහුගේ පෙම්වතිය වින්ඩි ගුණතිලක කියූ ප්‍රේමනීය කතාව (PHOTOS)
සනුක වික්‍රමසිංහ කියලා කියන්නේ අපේ රටේ ඉන්න කවුරුත් ආදරය කරන අති දක්ෂ යොවුන් පරපුර නියෝජනය කරන ගායන ශිල්පියෙක් කිවුවොත් හරියටම හරි. ඉතින් ඒ වගේම ඔහුගේ ගීත අතිශයින්ම තරුණ පරපුර වගේම සියලුම සංගීත ලෝලීන් අතර අතිශයින් ජනප්‍රියත්වයට පත්වෙලා තිබෙනවා.
ඉතින් ඒ වගේම මේ හැඩකාර තරුණයාව ගෘහස්ත ප්‍රසංග වලදී විවිධ නම් වලින් ආමන්ත්‍රණය කරනවාත් අපිට අහන්නට දකින්නට ලැබෙනවා. යෞවනයේ සිහින කුමාරයා කියලාත් සමහරු කියනවා. තවද ඔහුගේ සරාගයේ, සංසාර සිහිනයේ, චාඕ මල්ලි වැනි ගීත වලින් යෞවන යෞවනියන් අතර අතිශය ජනප්‍රිය වුනා කිවුවොත් හරියටම හරි. ඉතින් ඒ වගේම කවුරුත් දන්න කියන ප්‍රවීණ ගායන ශිල්පි සංගීත් වික්‍රමසිංහගේ පුතු තමයි සනුක වික්‍රමසිංහ කියලා කියන්නේ.
කොහොම නමුත් සනුක වික්‍රමසිංහ අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය වගේම ප්‍රවීණ ගායන ශිල්පී රූකාන්ත ගුණතිලකගේ ආදරණීය දෙවනි දියණිය වන වින්ඩි ගුණතිලකත් එක්ක ප්‍රේම සම්බන්ධයක් තියෙනවා කියල පහුගිය දවස් වල කටකතාවකුත් පැතිරිලා ගියා. කොහොම නමුත් සනුකගේ උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා
. ඉතින් අපි මේ කියන්නට යන්නේ සනුකගේ උපන්දිනය වෙනුවෙන් වින්ඩි ගුණතිලක ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් වල තබා තිබූ අපූරු සටහනක් ගැනයි. ඉතින් වින්ඩි ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට සනුකත් එක්ක ඉන්න ඡායාරූපයක් එකතු කරලා සුබ උපන්දිනයක් සනුකේ කියලා තමයි සටහනක් එකතු කරමින් පවසලා තිබුනේ. ඉතින් ඒ වගේම වින්ඩි ගේ සටහනට පිළිතුරු වශයෙන් සනුකත් තැනක් යූ මයි වින්ඩි ගර්ල් කියලා හාර්ට් එකකුත් එක්ක කමෙන්ට් එකක් දාලා තිබුණා.
ඉතින් මේ සනුක සහ වින්ඩිගේ ආදර සමබන්ධය ගැනනම් කියන්න අපි හරියටම දන්නේ නැහැ. කොහොම නමුත් සනුකට ඔහුගේ උපන්දිනය වෙනුවෙන් අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා ඔහුට සුබ පතන ගමන් ඔහුගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලමත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.