මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසියි?
Parliament of Sri Lanka
Political Development
Sinhala news
By Mithu
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ ක්‍රමවේදය පිළිබඳව පාර්ලිමේන්තුවේ නොයෙකුත් ආකාරයෙන් විවිධ සාකච්ඡා පැවැත්වුණා.නව රජය බලයට පත්වීමත් සමගම මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන බවට ඔවුන් කල්ති යාම සඳහන් කළා.
ඒ අනුව අදාළ පනත් කෙටුම්පත එළඹෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ. මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, එය මේ වනවිට නීති කෙටුම්පත් සම්පාදක විසින් සම්පාදනය කර ඇති බවයි.
ඒ අනුව, ලබන මාසයේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට වාහන බලපත්‍ර ලබා දීමද අත්හිටුවා ඇති බව අමාත්‍යවරයා පවසයි.
