වන සත්ව සංගණනය ගැන ඇමතිගෙන් විශේෂ දැනුම්දීමක්
ලබන 15 වන දා දීප ව්‍යාප්තව සත්ත්ව සංගණනය සිදු කිරීමට රජය තීරණය කර ඇත්තේ පරිසර සංවිධාන,පරිසරවේදීන් ඇතුළු විශේෂඥයින් එක්ව ගත් තීරණයක් අනුව බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් මහව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ඔහු ඊයේ සඳහන් කර සිටියේය.
එමෙන්ම,සංගණනය සඳහා ලබා දෙන පත්‍රිකා අද බෙදා අවසන් කිරීමට නියමිත බවත් ඔහු සඳහන් කරයි.
මෙම සත්ත්ව සංගණනය තුළින් වගා හානිය සඳහා ප්‍රායෝගික විසඳුමක් ලබා දිය නොහැකි බව ඔහු සඳහන් කර සිටියේය.
කෘෂි බෝග සඳහා හානි පමුණුවන රිලවා, වඳුරා,දඩුලේනා සහ මොණරා වැනි සතුන් සම්බන්ධයෙන් ජාතික සංගණනයක් සිදු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇති අතර ඒ මේ මස 15 වන සෙනසුරාදා පෙරවරු. 8.00 සිට 8.05 දක්වා මිනිත්තු 5ක කාලයක් මෙසේ මෙම සංගණනය සිදු කරන බව සඳහන් වේ.
මේ පිළිබඳ වැඩිදුර විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න.
