ප්‍රවීණ රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ මහතාගේ නමින් මාර්ගයක්
ප්‍රවීණ රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ මහතාගේ 92 වන ජන්ම දිනය වෙනුවෙන් ඒ මහතා නමින් මාර්ගයක් නම් කර තිබේ .
බොහෝ දෙනෙක් දන්නවා ඇති දීර්ඝතම ගුවන්විදුලි නාට්‍ය වන මුවන්පැලැස්ස නාට්‍යයේ හඩ කැවීමෙන් එතුමා බොහෝ ජනප්‍රියත්වයට පත් විය
ඒ වගේම මෙරට ගුවන්විදුලිය, රූපවාහිනිය පමණක් නොව වේදිකාවට ද එතුමා දායකත්වය ලබා දී ලාංකී කලා කෙත අස්වද්දන්නට එතුමා සුවිශේෂී මෙහෙවරක් ඉටු කර තිබේ.
තවද විජේරත්න වරකාගොඩ මහතාගේ 92 වන ජන්ම දිනය වෙනුවෙන් ඒ මහතාගේ කලුබෝවිල නිවස පිහිටි මාර්ගය විජේරත්න වරකාගොඩ පෙදෙස ලෙස නම් කරමින් විවෘත කර තිබේ.
එ මෙම අවස්ථාව උදෙසා කලාකරුවන් ඇතුළු බොහෝ පිරිසක් සම්බන්ධ වී තිබුණි.