විජය කුමාරතුංග නමින් නව පක්ෂයක්.. මෙරට දේශපාලනයේ විශාල පෙරළියක්?
Sri Lanka
Political party
Election commission
Wijaya kumarathunga
By Aruna
විජය කුමාරතුංග මහතාගේ දේශපාලන ප්‍රතිපත්ති පදනම් කර ගනිමින් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කර තිබේ.
එම පක්ෂය නම් කර ඇත්තේ, විජයවාදී මහජන විමුක්ති පෙරමුණ යනුවෙනි.
එහි ගම්පහ දිස්ත්‍රික් ආසන සංවිධායක කමල් රෝහණ රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී මේ බව අනාවරණය කෙරිණි.
ඔහු සඳහන් කළේ, විජය කුමාරතුංග මහතාගේ සොහොයුරියක වන රූපා කුමාරතුංග මහත්මිය ඇතුළු විජය කුමාරතුංගගේ සමීපතමයින් පිරිසක් එක්ව මෙම පක්ෂය ආරම්භ කළ බව ය.
ඉදිරියේදී සියලු මැතිවරණ සඳහා දිවයිනේ සියලු ම මැතිවරණ කොට්ඨාස වෙනුවෙන් විජයවාදී මහජන විමුක්ති පෙරමුණ තරග කරන බව ඔහු පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
