මංගල උත්සව පැවැත්වීම නතර කිරීම සම්බන්ධයෙන් ඉල්ලීමක් ..

srk lanka Weddings
By Sithumi Nov 22, 2021 10:57 AM GMT
Sithumi

Sithumi

Report

මංගල උත්සව නවතා දැමීම කෙරෙහි අවධානය යොමු නොකර ඒ සඳහා සීමා පැනවීමක් සිදුකරන ලෙස බස්නාහිර පළාත් සුළු පරිමාණ මංගල සේවා සැපයුම්කරුවන්ගේ සංගමය ඉල්ලීමක් කරයි. එහි ලේකම් නිරෝෂන් කුමාර මහතා ප්‍රකාශ කළේ, එවැනි වෙනත් උත්සව සම්බන්ධයෙන්ද අවධානය යොමුකළ යුතු බවය. 

"නිතර නිතර ප්‍රකාශ නිකුත් කරනවා මංගල උත්සවවලින් වැඩිපුර සම්භාවිතාවක් තියෙනවා කියලා බෝවීමට. නමුත් අපි කියනවා මංගල උත්සව පමණක් නොමෙයි මේ රටේ විවිධ ‍උත්සව, විවිධ තැන්වල බලවත් උත්සව පැවැත්වෙනවා

. ඒවට මේ කොරෝනා නීති කොහේවත් බලපාන්නේ නෑ. ඒත් මේ මංගල උත්සවවලට ඇහැගහන නිසා විශේෂයෙන් ම අපි ඉල්ලීමක් කරනවා මංගල උත්සව කිසිලෙසකින්වත් නවත්වන්න එපා පිරිස අඩු කරාට සීමා කරාට අපට ගැලුවක් නෑ. 

මොකද ලක්ෂ 15කට අධික පිරිසක් මේ මංගල උත්සවවලින් යැපෙන කොටසක් ඉන්නවා. ඒ නිසා අපි ඉතාමත් කරුණාවෙන් ඉල්ලනවා රජයෙන් මේ පිළිබඳ අවධානය යොමුකරලා කිසිවෙටකත් මංගල උත්සව තහනම් කරන්න නම් සුදානම් වෙන්න එපා."