මුහුදේ තත්ත්වය ගැන කාලගුණයෙන් අවවාදාත්මක අනතුරු ඇඟවීමක් - තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ මෙන්න

Report

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව, හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකිය.

ඒ හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශ විටින් විට රළු ස්වභාවයක් ගනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එබැවින් එම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරත වන ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මෙම අවවාදාත්මක නිවේදනය හෙට (04) පෙරවරු 10.30 දක්වා වලංගු වන බව වැඩිදුරටත් සඳහන් වේ.

“හිටපු රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දුටත් වැඩ වරදීද?” - ශිරාන් බාසික් සම්බන්ධ විමර්ශනවලට CCIB වෙත කැඳවයි

“හිටපු රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දුටත් වැඩ වරදීද?” - ශිරාන් බාසික් සම්බන්ධ විමර්ශනවලට CCIB වෙත කැඳවයි

චමින්ද කුලරත්න මහතා සියල්ල කනපිට හරවමින් ලොකු පුටුවල ලොක්කන් රැසක් අල්ලස් කොමිසමට කැදවයි

චමින්ද කුලරත්න මහතා සියල්ල කනපිට හරවමින් ලොකු පුටුවල ලොක්කන් රැසක් අල්ලස් කොමිසමට කැදවයි

Gallery