එළියට යන්න කලින් මේ ගැනත් හිතන්න..
Galle
Western Province
Sabaragamuwa Province
TN Weather
Weather
By Gagana
ගාල්ල ,මාතර සහ වයඹ පළාත්වලත් බස්නාහිර සහ සබරගමුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් අද(22) ඇති වේ.
ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.
ඌව, මධ්‍යම, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
