18 වැනිදාට පස්සෙ දරුණු පෑවිල්ලක්...වැහි පිරිත් කියන්නත් වෙන ලකුණු..අනුරගෙන් පසු තරුණ නායකයෙක් ජනපති වෙයි!.
ලංකාවේ සහ ලෝකයේ ඉදිරි අනාගත තත්ත්වය ගැන අනාවැකි පල කිරීම ඉතිහාසයේ සිට පැවත එන්නකි.
එහිදී දේශපාලන , ආර්ථික, කාලගුණික සහ ස්වභාවික ආපදා තත්ත්වයන් මෙම අනාවැකි කීමට මූලික කර ගනීම ප්‍රධාන කාරනයක්.
එවැනි අනාවැකි පලකිරීමක් ගැන කියන්නයි අද මේ සූදානම.
උපුටා ගැනීමක්:
වායු පීඩනය, කාලීන උෂ්ණත්වය හා අහසේ ස්වභාවයේ වෙනස්වීම් පදනම් කරගෙන අතීතයේ සිට මිනිසුන් කාලගුණ අනාවැකි කී බව සැබෑ ය.
තාක්‍ෂණයේ දියුණුවත් සමග පරිගණක භාවිතයෙන් වැඩි වායුගෝලීය දත්ත ප්‍රමාණයක් පදනම් කරගෙන විධිමත් ආකාරයට කාලගුණ අනාවැකි නිකුත් කිරීමට පටන්ගෙන ද බොහෝ කාලයකි.
එහෙත් කාලගුණ රටාවන් හඳුනාගැනීමේ හැකියාව, ආකෘති කාර්යසාධනය පිළිබඳ දැනුම හා ආකෘති නැඹුරුතාව පිළිබඳ දැනුම තුළින් වඩාත් නිවැරැදි කාලගුණ අනාවැකි නිකුත් කිරීමට මිනිසාගේ දායකත්වය අදට ද භාවිතයට ගන්නා බව සැබෑය.
එමෙන්ම කාලගුණ අනාවැකි නිකුත් කරන ආයතන, පුද්ගලයන් ද බොහෝ ය.
කාලයක සිට කාලගුණ අනාවැකි කියන කෙනෙක්ව පසුගිය දිනෙක අපට ද මුණගැසිණි.
විවිධ යෙදුම් හරහා අන්තර්ජාලයට එකතු කරන කාලගුණ තොරතුරු අධ්‍යයනය කර, කාලගුණ රටාවන් නිරීක්‍ෂණය කර කාලගුණ අනාවැකි කියන ඔහු, කපිල ක්‍රිෂාන්ත පෙරේරා ය.
කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇති හේ දැනට පදිංචි වී සිටිනුයේ මතුගම, කන්නන්ගරගම ය.
ඉන්ධන මිල රුපියල් 50කින් අඩු කිරීම ගැන විශේෂ හෙළිදරව්වක්..අලුත් ආණ්ඩුව තෙල් සංස්ථාවේ කරන දෙයක් ගැනත් විශේෂ අනාවරණයක්.(VIDEO)
1982 වර්ෂයේදී ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට කළුතර දිස්ත්‍රික්කයෙන් ඉහළම ප්‍රතිඵල ලබාගෙන කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වී ඇති කපිල, වාණිජ අංශයෙන් උසස් පෙළ ද සමත් වී ඇත.
එහෙත් දෛවයේ සරදමකට විශ්වවිද්‍යාල වරම් අහිමි වී ඇත. එමෙන්ම කපිල පෙරේරාට සහෝදර සහෝදරියන් සිව් දෙනෙකි.
ඔවුන් පස්දෙනාම ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත් වී තිදෙනෙක්ම කොළඹ ජනප්‍රිය පාසල්වලින් අධ්‍යාපනය ලබා ඇත.
නැඟණියන් දෙදෙනා පමණක් මතුගම ශාන්ත මේරි විද්‍යාලයේම උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා ඇත. මේ වන විට පනස්තුන් විය පසු කරගෙන යන කපිල දෙදරු පියෙකි.
බිරිද නීතිඥවරයකි. වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක් වන කපිල ක්‍රිෂාන්ත පෙරේරා කාලගුණ අනාවැකි නිකුත් කිරීමට පටන්ගෙන ඇත්තේ 2016 වර්ෂයේ සිට ය.
පුද්ගලයකුගේ බාහිර පෙනුම නිරීක්‍ෂණය කොට, ගති ලක්‍ෂණ කියන්න ප්‍රසිද්ධව සිටින කපිල ක්‍රිෂාන්ත පෙරේරා පවසන බොහෝ දේ කිරි ගහට ඇන්නා සේ හරි යන බව ඔහුගේ මිතුරන් කිහිපදෙනෙක්ම අපට කීහ.
18 වැනිදාට පස්සෙ දීර්ඝ පෑවිල්ලක්…වැහි පිරිත් කියන්නත් වෙන හැඩ ගැරඬියෙක්ට ප්‍රතිකාර කරන අයුරු “මම උසස් පෙළ කළේ 1991 අවුරුද්දෙ.
1993 අවුරුද්දෙ මතුගම නගරයේ පොඩි රෙදි වෙළෙඳසලක් පටන් ගත්තා. මේ වෙනකොට කළුතර උතුරේ තොටුපළ හන්දියේ ඉදිකිරීම් භාණ්ඩ කුලියට දෙන ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා.
මැෂින් කුලියට ගන්න එන කෙනාව නිරීක්‍ෂණය කර ඩිපෝසිට්, හැදුනුම්පතක්වත් තියාගන්නෙ නැතිව බඩු දෙනවා. 2000 අවුරුද්දෙ ඉඳලා මේ වෙනකන් එහෙම බඩු දීලා පොල්ලක් නම් වැදිලා නෑ.
ඒත් මම පේන කියන, සාස්තර කියන කෙනෙක් නෙමෙයි. හැම දෙයක්ම කියන්නෙ, කරන්නෙ විමර්ශනශීලීව අධ්‍යයනය කර, ලැබෙන දත්ත විශ්ලේෂණය කරලා.
ඒ වගේම දෙයක් කරන්න හිතුණොත් කරනවම තමයි. කාලගුණ අනාවැකි කිව්වට පාසල් අධ්‍යාපනයේදී භූගෝල විද්‍යාව ඉගෙනගෙන නෑ.
ඒත් උනන්දුව තියෙනවා නම්, බුද්ධිමත්ව හිතනවා නම් කරන්න බැරි දෙයක් නෑ…” “2016 අවුරුද්දෙ මම අලුත් ජංගම දුරකථනයක් මිලදී ගත්තා.
ඒ කාලයට අනුව, මිල අධික ෆෝන් එකක්. ඒ ජංගම දුරකථනයේ කාලගුණ තොරතුරු ඇතුළත් ඇප් එකක් තිබුණා. වලාකුළු පිහිටීම සම්බන්ධයෙන් ඒ ඇප් එකේ ගූගල් පින්තූර දිනපතා ඇතුළත් කළා.
දෛනිකව මම එම ඇප් එක පරිශීලනය කරන්න පටන් ගත්තා. ටික කාලයක් යනකොට දිනපතා ඇප් එකට ඇතුළත් කරන ගූගල් පින්තූර නිරීක්‍ෂණය කර හරියටම වහින වෙලාව කියන තත්ත්වයට මම දියුණු වුණා.
ඒ සමග කාලගුණ තොරතුරු සෙවීමට තදින්ම ඇබ්බැහි වුණා. එහෙම ටික කාලයක් යනකොට කාලගුණ අනාවැකි ගැන ෆේස්බුක් සටහන් තියන්න පටන් ගත්තා.
මගේ කාලගුණ අනාවැකි වඩා නිවැරැදි වෙන කොට ෆේස්බුක් එකේ හොඳ ප්‍රතිචාර ලැබෙන්න පටන් ගත්තා. ඊට පස්සෙ ප්‍රයෝජනවත් ඇති තැනක පළ කරන්න කියලා හිතාගෙන කාලගුණ තොරතුරු ජනගත කරන පේජ් එකක දාන්න පටන් ගත්තා.
එදා ඉඳල මේ දක්වා ඒ පේජ් එක හරහා කාලගුණ අනාවැකි ප්‍රසිද්ධ කරනවා. මම කියපු අනාවැකි 90% ක් විතර හරි ගිහින් තියෙනවා…” හේ මොහොතකට නිහඬ විය.
18 වැනිදාට පස්සෙ දීර්ඝ පෑවිල්ලක්…වැහි පිරිත් කියන්නත් වෙන හැඩ
2017 වර්ෂයේදී ‘බුරවි‘ නම් සුළි කුණාටුවක් ලංකාවට පැමිණෙන බවට බිය දනවන අනාවැකි පළ වෙමින් තිබිණි.
පැමිණෙන ‘බුරවි’ කුණාටුවට මුහුණදීමට එවකට සිටි රාජ්‍ය මැදිහත්වීමෙන් අපදා කළමනාකරණ අමාත්‍යංශය පෙර සිට සූදානම් විය.
බෙංගාල බොක්කෙ වැඩෙමින් තිබුණු ‘බුරවි’ සුළි කුණාටු තත්ත්වය ගැන කපිල පෙරේරා ද අන්තර්ජාල තොරතුරු ඔස්සේ නිරන්තරයෙන් නිරීක්‍ෂණය කර තිබිණි.
ඒ වන විට ඔහු දත්ත නිරීක්‍ෂණය කර ඇත්තේ කාලගුණ තොරතුරු ඇතුළත් එක් ඇප් එකකිනි.
අතිශය අවම තාක්‍ෂණික පහසුකම්වලින් ‘බුරවි’ ගැන නිරීක්‍ෂණය කොට කුණාටුව පැමිණෙන බවට දින නියම කර ඇති දිනට, සතියකට පෙර ‘බුරවි’ සුළි කුණාටුව මෙරටට ඇතුළු නොවන බවට කපිල පෙරේරා අභියෝගාත්මක අනාවැකියක් පළ කර තිබිණි.
‘බුරවි’ කුණාටුව මෙරටට ඇතුළු වන බවට රජයේ වගකිවයුතු ආයතන එකහෙළා පවසා සිටි පසුබිමක කපිල පෙරේරා කියා ඇත්තේ, ඉන්දියාව දෙසට හැරෙන බවය.
ඔහුගේ අනාවැකිය යථාර්ථයක් බවට පත් කරමින් ‘බුරවි’ සුළි කුණාටුව ඉන්දියාව දෙසට හමා ගොස් තිබිණි.
පසුගිය දිනවල ඇති වූ ‘ෆෙන්ගල්’ සුළි කුණාටුව සම්බන්ධයෙන් ද විවිධ අනාවැකි පළවෙමින් තිබුණු පසුබිමක කපිල පෙරේරා එකහෙළා පවසා ඇත්තේ, ලංකාවට ඇතුළු නොවන බවත් ඉන්දියාව දෙසට හැරෙන බව ය.
‘ෆෙන්ගල්’ මෙරටට ඇතුළු නොවන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තොරතුරු අනාවරණය කළ ද එම සුළි කුණාටුවෙන් උතුර, නැඟෙනහිර ප්‍රදේශවලට දැඩි බලපෑමක් එල්ල විය හැකි බව පවසා තිබිණි.
එහෙත් කපිල පෙරේරා පවසා ඇත්තේ, වැස්සකට එහා ගිය බලපෑමක් උතුර, නැඟෙනහිර ප්‍රදේශවලට ද සිදුනොවන බව ය. එමෙන්ම වැස්සෙන් දැඩි බලපෑමක් වුවද සුළඟෙන් ඉන්දියාවට ද දැඩි බලපෑමක් නොවන බව හේ පවසා තිබිණි.
එම අනාවැකිය ද සාර්ථක විය. ‘ෆෙන්ගල්’ කුණාටු තත්ත්වයෙන් මෙරටට කිසිදු අපදා තත්ත්වයක් ඇති නොවිණි.
‘ෆෙන්ගල්’ සුළි කුණාටුවක් බවට පත් වී ඇත්තේ ගොඩබිම ආසන්නයේදී බවත්, බෙංගාල බොක්ක තුළදී සුළි කුණාටුවක් බවට පරිවර්ථනය වී වේගයෙන් ලංකාවට ඇතුළු වෙන්න සුනාමියට වැඩි හානියක් සිදු වන බව ද හේ පැහැදිලි කළේය.
ගොඩබිම ආසන්නයේදී ඇති වන සුළි කුණාටු තත්ත්වයන්ට වඩා මුහුද අභ්‍යන්තරයේදී ඇති වන කුණාටු තත්ත්වයන් ප්‍රබල බව ද හේ පැවසීය.
එමෙන්ම පසුගිය 08 වැනිදා වන විට සුළු කුණාටු තත්ත්වයක් ඇති වන බවට කාලගුණ අනාවැකි පළ වෙමින් තිබිණි.
කිසිලෙසකින් හෝ එවැනි කුණාටු තත්ත්වයක් ඇති නොවන බව පවසා ඇත්තේ කපිල පෙරේරා පමණි.
හේ නැවත කතාවට එකතු විය. “අපේ රට පිහිටා තියෙන්නෙ සමකය ආසන්නයේ. ඒ වගේම අපේ රට දූපතක්.
වටේට මහ මුහුද. ඉන්දියන් සාගරයේ බෙංගාල බොක්කෙ සිදුවන කාලගුණික විපර්යාස නිරන්තරයෙන් මෙරටට බලපානවා.
ඒ වගේම අපේ රටේ මධ්‍ය කඳුකරයේ උස් කඳු පන්ති පිහිටා තියෙනවා. සුළං ප්‍රවාහයන් නිතර එම කඳු පන්තියේ ගැටෙන නිසා කාලගුණය වෙනස් වෙනවා.
පැය හයෙන් හයට කාලගුණය වෙනස් වෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට පැය හයෙන් හයට කාලගුණ තොරතුරු අනාවරණය කරන්න පුළුවන්.
අධිතාක්‍ෂණික උපකරණ භාවිතයෙන් කාලගුණ දත්ත පරිශීලනය කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට සාර්ථක කාලගුණ තොරතුරු නිකුත් කරන්න පුළුවන්.
වලාකුළුවල ඝනකම, පැති පෙනුම පවා නිරීක්‍ෂණය කරන්න කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට තාක්‍ෂණික මෙවලම් තියෙනවා.
දක්ෂ නිලධාරීන් ඉන්නවා. ඒත් එම ආයතනය තුළින් රටට දැනෙන සේවයක් වෙන්නෙ නෑ…” “ඒ වගේම සමහර ඇප්වල පළකරන කාලගුණ තොරතුරු නිවැරැදි වුණාට, අන්තර්ජාලයට නිකුත් කරන සියලු කාලගුණ තොරතුරු නිවැරැදි නෑ.
දැන් මම පාවිච්චි කරන නවීන පන්නයේ ෆෝන් එකේ කාලගුණ තොරතුරු සහිත ඇප් පහක් තියෙනවා. සමහර ඇප් අරගෙන තියෙන්නෙ මුදල් ගෙවලා.
ඒ ඇප් පහේම තොරතුරු එකිනෙකට වෙනස්. ඇප් පහේම කාලගුණ තොරතුරු විශ්ලේෂණය කර, පසුගිය කාලගුණ දත්ත සමග සැසඳීම් කොට වලාකුළු රටා නිරීක්‍ෂණය කර අනාවැකි පළ කරනවා.
පුරුද්දක් විදිහට මුහුණුපොතට අනාවැකියක් පළ කරන්නෙ උදේ පාන්දර 05ට. කාලගුණ තොරතුරු නිකුත් කරන මෙරට වගකිවයුතු ආයතන කාලගුණ තොරතුරු නිකුත් කරන්නෙ ටිකක් දවල් වෙලා.
මගේ කාලගුණ අනාවැකියයි, එම තොරතුරුයි අතර ලොකු වෙනසක් නෑ. ඒ වගේම මම කාලගුණ අනාවැකි කියන්නෙ අන්තර්ජාල යෙදුම් කිහිපයකින් ලැබෙන දත්ත, වලාකුළු රටා, පසුකාලීන කාලගුණ තොරතුරු විශ්ලේෂණය කරලා.
පහුගිය දිනවල සහ මේ දිනවල කාලගුණ දත්ත මත මට පැහැදිලි වෙන ආකාරයට මේ මාසෙ 18 – 20 වැනිදට පස්සෙ වැහි පිරිත් කියන්න වෙන තරමට දැඩි නියං තත්ත්වයක් ඇති වෙන්න ඉඩ තියෙනවා.
2023 අවුරුද්දෙ වැස්ස ඉල්ලගෙන වැහි පිරිත් කියන්න සතියකට පෙර මම කිව්වා, ගංවතුරක් යන තත්ත්වයට වැස්ස වහිනවා කියලා.
වැස්ස පටන් ගන්න දිනය කියලා ෆේස්බුක් සටහනකුත් තිබ්බා. කිව්ව විදිහටම වැව් උතුරන්න වැස්සා. ඒ වගේම 2018 අවුරුද්දට පෙර කාලයේදී ට ක්කෙටම කාලගුණ අනාවැකි කියන්න පුළුවන්.
දැන් ඒ තත්ත්වය ටිකක් වෙනස් වෙලා. ඒක අපේ රටට විතරක් නෙමෙයි, ලෝකයටම බලපාලා තියෙනවා. විශාල වශයෙන් ලෝකයේ විපර්යාසයන් සිදුවෙමින් තියෙනවා.
ජලය වාෂ්ප වෙන්නෙ රස්නයෙන් නොව, සූර්ය ශක්තියේ තියෙන ආලෝක කදම්බයකින් බව විද්‍යාඥයන් සොයාගෙන තියෙනවා.
එවැනි සොයාගැනීම් අනාගතයේදී ලෝකයේ විශාල පරිවර්තනයකට හේතු විය හැකි බවටත් විද්වතුන් මත පළ කරනවා…” දීර්ඝ කතාවකින් පසු කපිල දිගු සුසුමක් පිට කළේ ය.
18 වැනිදාට පස්සෙ දීර්ඝ පෑවිල්ලක්…වැහි පිරිත් කියන්නත් වෙන හැඩ
සඳ, තරු, වලාකුළු සහ උෂ්ණත්වයේ වෙනස්කම් නිරීක්‍ෂණය කොට අන්තර්ජාලයේ කාලගුණ තොරතුරු අධ්‍යයන කර කාලගුණ අනාවැකි පළ කිරීම පමණක් නොව ආර්ථිකය, සමාජය සහ ජනතාවගේ සිතුම් පැතුම් අධ්‍යයනය කර මෙරට දේශපාලනයේ වෙනස්කම් ගැන ද කපිල පෙරේරා අනාවැකි පළ කර තිබේ.
පසුගිය ජනාධිපතිවරණයට මාස කිහිපයකට පෙර ද කපිල පෙරේරා අනාවැකියක් පළ කර තිබේ.
ඒ මහ මැතිවරණය ප්‍රථමයෙන් පැවතියොත් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව ජයග්‍රහණය කරන බවත්, ජනාධිපතිවරණය පැවතියොත් අනුර කුමාර මෙරට ජනාධිපති බවට පත්වන බව ය.
ඒ සම්බන්ධයෙන් හේ ෆේස්බුක් සටහනක් ද තබා තිබේ. එමෙන්ම ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ධුරයට පත් වූ දින ‘පවුලේ ඥාතීන්ගෙන් පරිස්සම් වෙන්න.
ජීවිත හානියක් හෝ මේ රට වැට්ටවීමක් සිදු කරනවා…’ යනුවෙන් ෆේස්බුක් සටහනක් තැබීමට තරම් කපිල පෙරේරා නිර්භීත වී තිබේ.
මෙවර ජනාධිපතිවරණයෙන් අනුර කුමාර ජයග්‍රහණය ලැබූ පසු සැප්තැම්බර් 21 වැනිදා කපිල පෙරේරා අනාවැකියක් පළ කර තිබේ.
ඒ 2029 වර්ෂයේදී මෙරට ජනාධිපති ධුරයේ වෙනසක් සිදුවෙමින් තරුණ දේශපාලනඥයෙක් මෙරට ජනාධිපති ලෙස පත් වන බවට පළ කරන අනාවැකියයි.
එම නායකයා ‘පැරිෂුට්’ චරිතයක් නොවන බවත්, කාලයක් තිස්සේ මෙරට දේශපාලනයේ සිටින කෙනෙක් බව ද හේ පවසා සිටියේ ය. එය ඔහුගේ අනාවැකියකි.
එහෙත් මෙරට දේශපාලනය ගැන පෙර සිට අනාවැකි පළ කිරීම අසීරු බව අපගේ අදහස ය. එහෙයින් දේශපාලන අනාවැකි ගැන අපි මෙතැකින් නතර කරමු.
අන්තර්ජාල යෙදුම් මාර්ගයෙන් ගුවන් ගමන් නිරීක්‍ෂණය කිරීමට සහ තරු පිළිබඳ අධ්‍යයනය කිරීමට ඔහුගේ වටිනා කාලයෙන් වේලාවක් වෙන් කර තැබීමට හේ අමතක කර නැත.
සුනඛයන්ගේ චර්යාවන් ගැන දීර්ඝ කාලයක සිට අධ්‍යයන කර ඇති කපිල පෙරේරාට ඕනෑම විෂකුරු සර්පයෙක් දුටු සැණින් හඳුනාගැනීමේ හැකියාව ද තිබේ.
අනතුරුවලට ලක්වන සුනඛයන්ට පමණක් නොව, විවිධාකාරයෙන් අනතුරුවලට භාජනය වන සර්පයන්ට වෙදකම් කර සුවපත් කිරීමට ද ඔහු පසුබට නොවේ.
බේකරි කෑම නිෂ්පාදනය, ගෘහ අලංකරණය ඇතුළු නොයෙක් විෂයන් ප්‍රගුණ කර ඇති ඔහු අධ්‍යයනය කළ යුතු චරිතයක් බව අපගේ හැඟීමය. “මම ගොඩක් දේවල් ඉගෙනගත්තෙ අන්තර්ජාලයෙන්.
ජංගම දුරකථන භාවිතයත් එක්ක තමයි අන්තර්ජාලයට හුරු වුණේ. ජංගම දුරකථනය විශ්වීය ගුරුවරයෙක්. ඉගෙනගන්න බොහෝ දේවල් තියෙනවා.
නිවැරැදිව පාවිච්චි කළොත් ජීවිතය ගොඩදාගන්න පුළුවන්. වැරැදියට පාවිච්චි කළොත් පිස්සෙක් වෙන්නත් පුළුවන්…” කපිල ක්‍රිෂාන්ත කතාව අවසාන කළේය.
පෙළගැසෙන කතාවට තවත් ආලවට්ටම් ඇවැසි නැත. අපිදු කතාව නතර කළෙමු.
උපුටා ගැනීම අවසන්:
You May Like This Video