අද රෑ යාමේ වෙන දෙය මෙන්න.. පරිස්සමෙන්..

Department of Meteorology Weather Latest Headlines Decision Making
By krishani Aug 31, 2024 02:42 PM GMT
krishani

krishani

Report

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මාසේ අවසන් වෙන්නත් කල් තියා, තෙල් මිල පහළට...

මාසේ අවසන් වෙන්නත් කල් තියා, තෙල් මිල පහළට...


එමෙන්ම, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.

තව ද, උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මඟ බලාන සිටි, තරඟකාරී විභාගයකට දින නියම වෙයි.. එකවරම කළ දැනුම්දීම මෙන්න..

මඟ බලාන සිටි, තරඟකාරී විභාගයකට දින නියම වෙයි.. එකවරම කළ දැනුම්දීම මෙන්න..


එමෙන්ම, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50 ක පමණ තද සුළං ඇති විය හැකි බව වාර්තා වේ.

කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.


ReeCha