බීමත්ව බස් රථය ධාවනය කළ රියදුරට රු. 25,000 දඩයක් - බලපත්‍රයද අත්හිටුවයි

Sri Lanka Police Law and Order Department of Motor Vehicles Latest Headlines Sinhala news
By Shehan Jul 06, 2025 12:33 PM GMT
Shehan

Shehan

Report

බීමත්ව මගීන් සමඟ පුද්ගලික බස් රථයක් ධාවනය කිරීමේ වරදට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය විසින් පසුගිය සිකුරාදා (04) රියදුරෙකුට රුපියල් 25,000ක දඩයක් නියම කර ඔහුගේ රියදුරු බලපත්‍රය සම්පූර්ණයෙන් අත්හිටුවීමට නියෝග කරන ලදී.

මෙලෙස දඩයක් නියම කර රියදුරු බලපත්‍රය අත්හිටුවනු ලැබුවේ, කඹුරුපිටිය, මාපලාන පදිංචි නයිදුවා දුරගේ පැතුම් සංජය (39) නමැති රියදුරෙකුටය.

සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල 2024 - නිකුත්වෙන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල 2024 - නිකුත්වෙන දිනය මෙන්න

අදාළ රියදුරු දෙයියන්දර සිට කොළඹ බලා මගීන් පිරවූ පුද්ගලික බස් රථයක් ධාවනය කරමින් සිටියදී, ජුලි 3 වැනිදා අලුයම 3:30ට පමණ අහංගම පොලිසියේ මාර්ග සංචාරක යතුරුපැදි අංශයේ කොස්තාපල්වරුන් වන සංජිව (90012) සහ සිරිවර්ධන (103474) යන නිලධාරීන් විසින් බස් රථය නවතා පරීක්ෂා කිරීමේදී රියදුරු මත්පැන් පානය කර ඇති බව අනාවරණය වී ඇත.

පසුව සිදු කළ ස්වසන පරීක්ෂණයකින් තහවුරු වූයේ රියදුරු මත්පැන් පානය කර ඇති බවයි. එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් මගීන් වෙනත් බස් රථවලට යොමු කර පිටත් කර යැවූ අතර, සැකකාර රියදුරු පසුදින (ජුලි 4) අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

අහංගම පොලිසියේ රථවාහන අංශයේ උප පොලිස් පරීක්ෂක චන්දන මහතා සහ සැරයන් අරුණ (15921) මහතා විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ඇත.

අද ලග්න පලාපල – 2025 ජූලි 06 | ඔබේ ලග්නය අනුව අද වෙනසක් සිදුවෙයිද? දැන්ම බලන්න

අද ලග්න පලාපල – 2025 ජූලි 06 | ඔබේ ලග්නය අනුව අද වෙනසක් සිදුවෙයිද? දැන්ම බලන්න

ReeCha