කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් උදේන්ම දැනුම්දීමක් මෙන්න..

Department of Meteorology Weather Latest Headlines Decision Making
By krishani Oct 29, 2024 12:49 AM GMT
krishani

krishani

Report

අද(29) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

ඇවිත් ඉන්න මාලිමාවෙන්, කොළඹ අලුත් වෙනසක් වෙයි?. මිලියන තුනක මුදලක් ජනතාවට..

ඇවිත් ඉන්න මාලිමාවෙන්, කොළඹ අලුත් වෙනසක් වෙයි?. මිලියන තුනක මුදලක් ජනතාවට..


එමෙන්ම, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

ReeCha