ඉදිරි දින කිහිපය ලේසි වෙන එකක් නෑ.. තීරණාත්මකයි?. කළ දැනුම්දීම මෙන්න..

Department of Meteorology Weather Latest Headlines Decision Making
By krishani Jan 18, 2025 03:59 PM GMT
krishani

krishani

Report

ඉදිරි දින කිහිපයේ ද ප්‍රදේශ රැසකට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ ය.

මේ වන විට පවතින අධික වර්ෂාවත් සමග ජලාශ රැසක් වාන් දමමින් පවති.

පදවිය ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇත.

දවස් 17ක් ගිය තැන.. පෙරලිකාර ඩොලරය පැන්න පිම්ම මෙන්න..(PHOTO)

දවස් 17ක් ගිය තැන.. පෙරලිකාර ඩොලරය පැන්න පිම්ම මෙන්න..(PHOTO)

දුඹුරු සීනි මිලට මොකද වුණේ?. වහා, ගත් තීරණය මෙන්න..(PHOTO)

දුඹුරු සීනි මිලට මොකද වුණේ?. වහා, ගත් තීරණය මෙන්න..(PHOTO)

ඒ අනුව එහි තප්පරයට ඝන අඩි 1200 ක ජල ධාරිතාවක් මුදා හරින බව පදවිය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේ ය.

තවද, මල්වතු ඔය හා මහවැලි ගඟ පිටාර ගැලීමෙන් මාර්ග කිහිපයක ගමනා ගමනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.

එමෙන්ම, මැදිරිගිරිය කවුඩුල්ල ජලාශය වාන් දොරටු 08 ක් අගල් 09 බැගින් විවෘත කර ඇත.

තවද, රාජාංගනය ජලාශයේ ද වාන් දොරටු විවෘත කිරීමත් සමග ඝන අඩි 6000 ක පමණ ජල ධාරිතාවක් කලා ඔය හරහා ගලා බසී.

එමෙන්ම, අද(18) ඌව සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

You May Like This Video👇 

ReeCha