ඉදිරි පැය 24 ගැන දැඩි අවධානයෙන් ඉන්න..විශේෂයෙන් මේ ප්‍රදේශ වලටයි..
ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේසහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අනුව උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර පළාතේ උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බව ද අදාල නිවේදනයේ සඳහන් වේ.
ඌව, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, නුවරඑළියසහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, උතුරු-මැදසහ වයඹ පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40)ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
You May Like This Video