ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා අවසන් පූර්ව වටයට

Report

ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබේ.

ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පැවැත්වීමට නියමිතව තිබූ අර්ධ අවසන් පූර්ව තරගය දැඩි වර්ෂාපතනය හේතුවෙන් එක් පන්දුවක් හෝ යැවීමට නොහැකිව අත්හැර දැමීමට සිදුවිය.

අස්වැසුම වැඩිහිටි දීමනාව ගෙවීමට සියලු කටයුතු ලෑස්තියි - සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයෙන් නිවේදනයක්

අස්වැසුම වැඩිහිටි දීමනාව ගෙවීමට සියලු කටයුතු ලෑස්තියි - සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයෙන් නිවේදනයක්

ජපානයේ අයිචි–නාගෝයාහි කුරෝගි ක්‍රීඩා උද්‍යාන ක්‍රීඩාංගණයට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් ජපාන වේලාවෙන් පෙරවරු 8.20ට තරගය නිල වශයෙන් අත්හැර දැමීමට විනිසුරුවරුන් තීරණය කළහ.

තරගාවලියේ රෙගුලාසිවලට අනුව තරගයක් වර්ෂාවට හෝදී යන අවස්ථාවක අයි.සී.සී. (ICC) ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම පසුවන කණ්ඩායම ඉදිරි වටයට සුදුසුකම් ලබයි.

අද හෙල්ලෙන්න හිතලවත් නැති රන් මිල - ඊයේ ගාණටම අදත් කැරට් 24 පවුමක් ගන්න පුළුවන් - මිල ගණන් මෙන්න

අද හෙල්ලෙන්න හිතලවත් නැති රන් මිල - ඊයේ ගාණටම අදත් කැරට් 24 පවුමක් ගන්න පුළුවන් - මිල ගණන් මෙන්න

ඒ අනුව, නේපාලයට වඩා ඉහළ ශ්‍රේණිගත කිරීමක පසුවන ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයේ වරම් හිමිවිය.