ගතවූ පැය 24 තුළ කඩුගන්නාව සහ කිරිඳිවැල සලිත වෙයි - මනුෂ්‍ය ඝාතන දෙකක්

Report

ගතවූ පැය 24ක කාලය තුළ කඩුගන්නාව සහ කිරිඳිවැල පොලිස් වසම්වලින් මනුෂ්‍ය ඝාතන දෙකක් වාර්තා වී ඇති බව පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව මෙම ඝාතන දිවිත්වයම ඊයේ (29) දින සිදුව ඇත.

ඒ අනුව කිරිඳිවැල පොලිස් වසමේ ඉඹුලහේන ප්‍රදේශයේ නිවසක් තුළදී 75 හැවිරිදි කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති අතර පොලීසිය ප්‍රකාශ කළේ, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී නිවස තුළ තිබී මරණකාරියගේ සැමියා විසින් ලියන ලද බවට සැක කෙරෙන ලිපියක් සොයා ගත් බවයි.

එබැවින් එම ඝාතනය මරණකාරියගේ සැමියා විසින් සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කළත් ඝාතනයට හේතුව මෙතෙක් හෙළිවී නොමැත.

කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ ඇප රාජසන්තක කිරීමට නියෝග - හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳත් අධිකරණයට

කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ ඇප රාජසන්තක කිරීමට නියෝග - හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳත් අධිකරණයට

එසේම සිද්ධියෙන් පසු සැකකාර සැමියා වේයන්ගොඩ පොලිස් වසමේදී දුම්රියට පැන සියදිවි නසාගෙන ඇති බවට ද තොරතුරු වාර්තා වේ.

ඒ අනුව මරණකාරියගේ සහ සැකකරුගේ මෘත ශරීර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා වතුපිටිවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

ඊට අමතරව කඩුගන්නාව පොලිස් වසමේ බැලුන්ගල ප්‍රදේශයේදී බියර් බෝතලයකින් පහරදී තුවාල ලැබූ 39 හැවිරිදි පුද්ගලයෙකු පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇත.

ඒ මරණකරු සහ ඔහුගේ සහෝදරියගේ පුත්‍රයා අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන්.

අඩුයි කිව්වට මෙච්චර අඩුයි කියලා කවුද හිතුවේ - අද පොරකකා ගන්න එන රන් මිල ගණන්

අඩුයි කිව්වට මෙච්චර අඩුයි කියලා කවුද හිතුවේ - අද පොරකකා ගන්න එන රන් මිල ගණන්

ඒ අනුව පොලීසිය පැවසුවේ ආරවුල අතරතුර බීර බෝතලයක් බිඳ මරණකරුගේ පපු ප්‍රදේශයට ඇන මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකර ඇති විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.

එසේම සිද්ධියට සම්බන්ධ සැකකරු ද සුළු තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහු අත්අඩංගුවට ගෙන ඇත. මෙම සිද්ධීන් සම්බන්ධයෙන් කිරිඳිවැල සහ කඩුගන්නාව පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන්.

ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ ටැංකි රථ හිමියන් සේවයෙන් ඉවතට? ත්‍රිරෝද රථයකින් ලැබෙන ආදායමවත් ඉන්ධන බවුසරයෙන් ලැබෙන්නේ නෑ

ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ ටැංකි රථ හිමියන් සේවයෙන් ඉවතට? ත්‍රිරෝද රථයකින් ලැබෙන ආදායමවත් ඉන්ධන බවුසරයෙන් ලැබෙන්නේ නෑ