අද සිට රට පුරා කාලගුණයේ වෙනසක්..ජනතාවට දැනුම්දීමක්..
Western Province
Sabaragamuwa Province
TN Weather
Weather
By Aruna
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අනුව වයඹ පළාතේත් වැසි ස්වල්පයක් ඇති විය හැක. සබරගමුව පළාතේත්ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි දැනුම්දී ඇත්තේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලබන්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
You May Like This Video