අද සිට කාලගුණය වෙනස් වෙයි..දහවල් සිට සිදුවන විශේෂ දේ මෙන්න.
පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ පවතින වැසි තත්ත්වය අද සිට ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් නිර්මාණය වීම ඊට හේතුව බවයි පැවසෙන්නේ.
මේ අතර පවතින අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ පළාත් රැසක අද දහවල් කාලයේ පවතින උණුසුම ඉහළ යන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට ද සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබුණා.
මේ හේතුවෙන් එම වෙබ් අඩවියට පිවිසීම අවහිර වී ඇති බවයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳය ඊයේ දිනයේ සදහන් කළේ.
කඩිනමින් එය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බවයි එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොළ මහතා ඊයේ ප්‍රකාශ කළේ.