රට පුරා කාලගුණික තත්ත්වය ගැන දැනුම්දීමක්..ප්‍රදේශ රැසකට වැසි සහ සුළං.

Western Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna Oct 30, 2024 01:30 AM GMT
Aruna

Aruna

Report

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මේ අනුව දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

කොස් ඇටයක මිලත් අහස උසට යයි..කොස් තියෙන අයට සුබ ආරංචියක්.

කොස් ඇටයක මිලත් අහස උසට යයි..කොස් තියෙන අයට සුබ ආරංචියක්.


ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැකිය.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.