අද කාලගුණයේ වෙනසක්..ප්‍රදේශ රැසක් ගැන දැනුම්දීමක්..

Western Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna Oct 13, 2024 01:44 AM GMT
Aruna

Aruna

Report

බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (13) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

ඉන්ධන මිල 82 කින් පහත දැමිය හැකි බවට දැනුම් දීමක්..ජනතාවට විශාල වාසියක් ලැබෙයි?..

ඉන්ධන මිල 82 කින් පහත දැමිය හැකි බවට දැනුම් දීමක්..ජනතාවට විශාල වාසියක් ලැබෙයි?..


නැගෙනහිර පළාතේ අහස වලාකුලින් බරව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.