අද දිවයිනට බලපාන කාලගුණ තත්ත්වය ගැන දැනුම්දීමක් - මේ ප්‍රදේශවල ජනතාව අවධානයෙන් කටයුතු කරන්න.
Sri Lanka
Weather
By krishani
අද (01) දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ ය.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකිය.
එමෙන්ම, නැගෙනහිර පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි ය.
තව ද, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.
කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
