අදත් දිවයින පුරා ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි..

Matara Western Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna Sep 11, 2023 01:21 AM GMT
Aruna

Aruna

Report

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අනුව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ක පමණ තරමක් තද වැසිද ඇති වේ.

මන්නාරම, වවුනියාව සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය.

ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව දන්වා ඇත.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

මේ අතර, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ ප්‍රදේශවල සිටිනවා නම් මේ ගැනත් අවදානයෙන් සිටින්න - අවදානම් තත්ත්වයක් තවදුරටත් ක්‍රියාත්මක කරයි..

මේ ප්‍රදේශවල සිටිනවා නම් මේ ගැනත් අවදානයෙන් සිටින්න - අවදානම් තත්ත්වයක් තවදුරටත් ක්‍රියාත්මක කරයි..


ReeCha