හෙට එළිය වැටෙද්දිම එළියට යන්න නේද හිත හිත ඉන්නේ?. මතක් කරලා මේ ගැනත් දැන්ම දැනගෙනම ඉන්න..
හෙට (11) දිනයේ කාලගුණ තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක ඇතුළු දිස්ත්‍රික්ක 18ක උණුසුම් දර්ශකය, මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය ‘අවදානම මට්ටම’ දක්වා හෙට ඉහළ යනු ඇති බවයි.
එමෙන්ම, බස්නාහිර, වයඹ, දකුණ, උතුර සහ උතුරු-මැද පළාත්වල සහ මොණරාගල, රත්නපුර සහ පළාත්වල ඇතැම් ස්ථානවල තාප දර්ශකය, මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අනතුරුදායක මට්ටම දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරයි.
තව ද, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද තාප උපදේශනයට අනුව ‘අවදානම මට්ටමේ’ තාප දර්ශකය අද බලාපොරොත්තු වූයේ වයඹ, දකුණ සහ උතුරු-මැද පළාත් සහ මොණරාගල, රත්නපුර, මන්නාරම, වව්නියාව, මුලතිව් සහ දිස්ත්‍රික්ක 13 ක පමණක් වේ.