අදත් සවස 2න් පසු තද වැසි
By Dilasha
බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල අද (18) ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
නැගෙනහිර පළාතේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි ය.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් ජනතාවට ආරක්ෂා විය යුතු බවත් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.