ඉදිරි පැය 24 සඳහා කාලගුණික අනාවැකිය මෙන්න

Report

ඉදිරි පැය 24 සඳහා නිකුත් කරන ලද කාලගුණ අනාවැකිය අනුව, දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව සඳහන් වේ.

ඒ අනුව සුළං ඊසාන දිශාවෙන් හමන්නට ඇති අතර, සුළඟේ වේගය පැ.කි.මී. 30–40 ක් අතර වන බවද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

කෙසේ වෙතත්, කලුතර සිට කොළඹ සහ පුත්තලම හරහා මන්නාරම දක්වා, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 45–50 දක්වා වැඩි විය හැකි බවත්, ඒ අනුව මුහුදේ ස්වභාවය තරමක් රළු විය හැකි බවද කාලගුණ දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

දේශපාලන උණුසුම ඉහළට - සමන් ඒකනායක අත්අඩංගුවට ගන්න සියල්ල සූදානම්

දේශපාලන උණුසුම ඉහළට - සමන් ඒකනායක අත්අඩංගුවට ගන්න සියල්ල සූදානම්

දිවයින වටා ඇති සෙසු මුහුදු ප්‍රදේශ, සාමාන්‍යයෙන් මද රළුවන බවද එම නිවේදනයේ සඳහන් වේ. ජනතාවට අවධානයෙන් පසුවෙන්නයැයි සඳහන් කරයි. 

අද ඩොලරය රු. 312 - විකුණුම් අනුපාතය ස්ථාවරයි

අද ඩොලරය රු. 312 - විකුණුම් අනුපාතය ස්ථාවරයි