සමන් ඒකනායක රිමාන්ඩ්

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලන්ඩන් සංචාරය සම්බන්ධයෙන් විභාග වෙමින් පවතින නඩුව වෙනුවෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (28) පෙනී සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා එළැඹෙන පෙබරවාරි 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.

මෙම නඩුව රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල සංචාරයක් අතරතුර ඔහුගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා ලන්ඩනයට ගිය ගමනට රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනාවලට අදාළය. සමන් ඒකනායක මහතා එම සංචාරයේ කටයුතු සම්බන්ධයෙන් ප්‍රකාශයන් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  විසින් කැඳවා තිබුණි.

උණුසුම මැද හැමෝම බලන් හිටපු තීන්දුව - රනිල්ට නඩු පැවරීම මාර්තු මාසයේදී

උණුසුම මැද හැමෝම බලන් හිටපු තීන්දුව - රනිල්ට නඩු පැවරීම මාර්තු මාසයේදී

අධිකරණයේදී සමන් ඒකනායක මහතාගේ නීතිඥයන් විසින් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කළද, විමර්ශනයන් තවදුරටත් සිදුකිරීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන කොටුව මහෙස්ත්‍රාත්වරයා මෙම තීරණය ගත් බව වාර්තා වේ. ඊළඟ කැඳවුම පෙබරවාරි 11 වැනිදාට නියම කර ඇත.

මෙම සිදුවීම හිටපු ජනාධිපතිවරයාගේ සංචාරය සම්බන්ධ මහජන මුදල් අවභාවිතය පිළිබඳ විමර්ශනයන් තවදුරටත් උණුසුම් කර ඇති අතර, ඊළඟ දිනවලදී මේ සම්බන්ධයෙන් තවත් පියවර ගැනීමට නියමිතය.

වසීම් තාජුඩීන් මරණයේ ගෑවෙන ශිරන්ති

වසීම් තාජුඩීන් මරණයේ ගෑවෙන ශිරන්ති