අද හවසට එළියට බහිනවා නම් පරෙස්සමෙන් - කාලගුණයෙන් රතු නිවේදනයක්

Report

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (28) පස්වරු 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දකුණු පළාත සහ අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දීද වැසි ඇති විය හැකි අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ උතුරු - මැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව ද වාර්තා වේ.

ඉදිරි පැය 36 ගැන දැනුම්දීමක් - හෙට 1න් පසු වෙන්නේ මේකයි

ඉදිරි පැය 36 ගැන දැනුම්දීමක් - හෙට 1න් පසු වෙන්නේ මේකයි

මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් අනුරාධපුර, කුරුණෑගල සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතිනු ඇත.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

විදුලි බිල යළිත් වැඩි වෙයි - 10.3%ක අලුත්ම සංශෝධනය මෙන්න

විදුලි බිල යළිත් වැඩි වෙයි - 10.3%ක අලුත්ම සංශෝධනය මෙන්න