හෙට ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ සියල්ල මෙන්න...
COLOMBO
MAHARAGAMA
KADUWELA
WATER CUTTING
BORALASGAMUVA
By Sewvandhi
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 08.00 සිට පැය 28ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසීය.
ඒ අනුව හෙට පෙරවරු 08.00 සිට අනිද්දා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කොළඹ 04, 05, 06, 07 සහ 08 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සදහන් කරයි.
ඊට අමතරව කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා සහ මහරගම, බොරලැස්ගමුව නගර සභා බලප්‍රදේශ සඳහා ද අදාල කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.
අඹතලේ සිට කෝට්ටේ ජල තටාකය වෙත ජලය සපයනු ලබන ප්‍රධාන සම්ප්‍රේෂණ නලයේ හදිසි ජල කාන්දුවක් පිලිසකර කිරිම හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවිමට සිදුවන බව එම මණ්ඩලය වැඩිදුරටත් සදහන් කර සිටියි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |