හෙට පැය 24 ක ජල කප්පාදුව සිදු කරන සියලු ප්‍රදේශ මෙන්ම

wattala water cutting hadhala bridge athgaala Negombo road
By Sithumi Jul 22, 2021 10:59 AM GMT
Report

වත්තල ජල සම්පාදන ක්‍රමය මගින් හැඳල පාලම හරහා ජලනල එලීම හා ප්‍රධාන නළ මාර්ගයට සම්බන්ධ කිරීම හේතුවෙන් හෙට (26) පෙරවරු 10.00 සිට අනිද්දා (27) පෙරවරු 10.00 දක්වා පැය 24ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයීම අත් හිටුවීමට තීරණය කර තිබෙනව්.

ඒ අනුව වත්තල – මීගමු පාරේ කොටසක් , මාබෝල කොටසක්, වැලිකඩමුල්ල, හැඳල පාර නායක්කන්ද හන්දිය දක්වා සියලුම අතුරු මාර්ග , අල්විස් ටවුම, මරදාන පාර , ගලගහදූව, කෙරවළපිටිය කොටසක් යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇති .

එමෙන්ම ඇත්ගාල පොම්පාගාරයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට (26) පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පැය 9ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජල සැපයුම අත්හිටුවන්නේ ඇත්ගාල – නැගෙනහිර , ඇත්ගාල සිංහපුර , ඇත්ගාල ආරාම පාර , ඇත්ගාල ලක්ෂ පිහිල්ල 1 පටුමග සහ 2 පටුමග ,ඇත්ගාල බංගලාව පාර ජයමාලපුර රිජන්සි ටෙරස් සහ ජයමාලපුර 6 වන පටුමග ඉහළ කොටසටයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now