මහනුවරට හෙට වතුර කපයි
By Shehan
විසල් මහනුවර ජල පිරිපහදු මධ්‍යස්ථානයේ හදිසි නඩත්තු කටයුතු හේතුවෙන් හෙට (14) පෙරවරු 10.00 සිට අනිද්දා (15) පෙරවරු 6.00 දක්වා මහනුවර මහ නගර සභා සීමාවේ බොහෝ ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය දැනුම් දෙයි.
ඒ අනුව, මාපනාවතුර, වට්ටාරන්තැන්න, කුඩා රත්වත්ත මාවත, කටුගස්තොට, යටිවාවල, ගාලෙවත්ත, කහල්ල, සියඹලාගස්තැන්න, අරුප්පොල, වටපුළුව, මාවිල්මඩ, ලේවැල්ල, මහයියාව, නිත්තවෙල, පිටකන්ද, පූර්ණවත්ත සහ කටුගස්තොට පාර යන ප්‍රදේශවල ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ඇය වැඩිදුරටත් පවසයි.