ඉන්දියාවේ වතුර බීපු 9ක් මරුට 200ක් රෝහලේ

By Ashfa Jan 02, 2026 11:24 AM GMT
Report

ඉන්දියාවේ ඉන්දෝර් නගරයේ දූෂිත ජලය පානය කිරීම හේතුවෙන් පුද්ගලයින් 09දෙනෙකු මියගොස් තවත් 200දෙනෙකු රෝහල් ගත කර ඇත.

එරට මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දෝර්හි භගිරත්පූර් ප්‍රදේශයේ ජලය නිකුත් කරනු ලබන ජල මාර්ගයක ජල කන්දුවීමක් හේතුවෙන් එම ජලයේ බැක්ටීරියා පවතින බවට පර්යේෂණයකින් අනාවරණය වී ඇත.

පාසල් ළමුන්ට රජයෙන් තෑග්ගක් - අධ්‍යාපන අමාත්‍යංශ නිවේදනය

පාසල් ළමුන්ට රජයෙන් තෑග්ගක් - අධ්‍යාපන අමාත්‍යංශ නිවේදනය

සිදුවීමෙන් අනතුරුව මියගිය පුද්ගලයින් රැදී සිටි ප්‍රදේශවල ජල සාම්පල මේ වනවිට රැගෙන පරීක්ෂණ කටයුතු සඳහා යොමු කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම අදාළ ප්‍රදේශයේ පුද්ගලයින් 8,571දෙනෙකු සෞඛ්‍ය බලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදි සුළු රෝගී ලක්ෂණ සහිත පුද්ගලයින් 338දෙනෙකු හඳුනාගෙන ඇත. 

තත්ත්වය අවදානම් - ආයෙත් මාස්ක් දාන්න වෙයි වගේ

තත්ත්වය අවදානම් - ආයෙත් මාස්ක් දාන්න වෙයි වගේ