නැවත වරක් ජල ගාස්තුව වැඩි කරන්න යයි..
නැවත වරක් ජල ගාස්තු වැඩි කිරීමේ අවශ්‍යතාවක් මතු වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා. ඉකුත් කාල සීමාවේදී විදුලි බිල නැවත වරක් වැඩි කිරීම හේතුවෙන් ජල සම්පාදන මණ්ඩලයට අතිරේක පිරිවැයක් දැරීමට සිදුව ඇති බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු එන් යූ කේ රණතුංග මහතා ප්‍රකාශ කළා.
ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් ජල ඉල්ලුම සියයට 10කින් පමණ වැඩි වී ඇති බවයි.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ විටින් විට වැසි ඇදහැලුන ද පවතින උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවයි.
කෙසේවෙතත් අද දිනයේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද(27) නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.
මි.මී. 75 ට වැඩි තරමක තද වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
එමෙන්ම නැගෙනහිර පළාතේ සහ දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවලත් උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි බවයි පවසන්නේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |