වහාම අත්අඩංගුවට ගැනීමට වසන්ත මුදලිගේට වරෙන්තු
කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට පවත්වා තිබූ උද්ඝෝෂණයක් නිසා මහජන පීඩාවක් ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන්, අධිකරණයේදී පෙනී නොසිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීමට මහර ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වරෙන්තු නිකුත් කර තිබේ.
මෙම සිද්ධියට අදාලව මෙම සැකකරුවන්ට එරෙහිව පවරා තිබූ නඩුවේදී, වසන්ත මුදලිගේ අධිකරණයට නොපෙනී සිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් විය.
මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස ඩී.එම්. චාමික අසේල, ජේ ඒ. ජුඩ් ක්‍රිශාන්ති, ඩබ්ලිව්. එම්. යශෝද් ලක්ෂාන්, ඩබ්ලිව්. කේ. සමීර සම්පත්, එම්.එම්. රසික දිල්හාර, එස්.ඒ. ක්‍රිශාන්ත සුභසිංහ, ජනිත් ජනජය, සංජය හෙට්ටිමුල්ල සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළත්ය.
කිරිබත්ගොඩ පොලිසිය විසින් මෙම පිරිසට එරෙහිව ගොනු කළ චෝදනා අතර නීති විරෝධී රැස්වීමේ සාමාජික වීම, රජයට විරැද්ධව කැරලි ගැසීම, නීති විරෝධී රැස්වීමක් විසිර යාමට නිත්‍යානුකූල බලධරයකු විසින් දැනුම් දී තිබියදී එම ස්ථානයේ රැදී සිටීම, අවහිර කිරීම, පෙළපාලියක් හෝ පෙරහැරක් පැවැත්වීම හෝ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය අවහිර කිරීම වැනි චෝදනා අඩංගු වේ.
ඉකුත් 2025 වසරේ, කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිසුන් නව දෙනා කිරිබත්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට ඇප මත මුදා හැර තිබුණි.
මෙම නඩුව ලබන ජුනි මස 23 වන දක්වා කල් තැබුණු අතර, කිරිබත්ගොඩ පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් කොස්තාපල්වරුන් රත්නායක (90071), කුලසිංහ (10789) සහ අලුත්ගේ (100478) විසින් නඩුව මෙහෙයවනු ලැබීය.