හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට සහ බිරිඳට අමෙරිකාවෙන් තහනමක්.
Sri Lanka
United States of America
By Wayomi
වත්මන් වයඹ පළාත් ආණ්ඩුකාර සහ හිටපු නාවික හමුදාපතිවරයෙකු වන අද්මිරාල් ඔෆ් ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට සහ බිරිඳට අමෙරිකාවට ඇතුල්වීම තහනම් කර තිබෙනවා.
මානව හිමිකම් කඩ කිරීමේ චෝදනාවන් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපතිවරයාට සහ ඔහුගේ බිරිඳ වන ශ්‍රීමති අශෝකා කරන්නාගොඩ හට මෙලෙස අමෙරිකාවට ඇතුල්වීම තහනම් කර ඇති බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
රාජ්‍ය නොවන සංවිධාන සහ ස්වාධීන පරීක්ෂණ මගින් ලේඛනගත කරන ලද හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ බරපතල මානව හිමිකම් කඩකිරීමක් සිදු කළ බවට එල්ල වී ඇති චෝදනාව බරපතළ සහ විශ්වසනීය බවද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |