වසන්ත තමයි කැම්පස් එකේදි යාළුවන්ට කන්න අඳින්න දුන්නේ..මාසෙට මිලියන ගණන් හෙව්වේ - සුනිල්
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා විසින් මාසිකව රුපියල් මිලියන 1 ත් 1.5 ත් අතර ආදායමක් උපයා ගත් බව ප්‍රකාශ කර තිබෙන බව සඳහන්.
ඒ අනුව ඔහු මෙහිදී ඔහුගේ විශ්වවිද්‍යාල මිත්‍රයෙකු වූ වසන්ත සමරසිංහ මහතාගේ මූල්‍ය තත්ත්වය පිළිබඳව ද අදහස් දක්වා ඇති අතර වසන්ත සමරසිංහ මහතා විශ්වවිද්‍යාලයට පැමිණෙන විටත් හොඳ මූල්‍ය ශක්තියකින් යුක්තව සිටි බව සඳහන් කර ඇත.
තවද ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ විශ්වවිද්‍යාලයේදී කැන්ටිම වෙත ගිය අවස්ථාවලදී වසන්ත සමරසිංහ මහතා මිතුරන්ට කෑමබීම ලබා දුන් බවත් ඔහු විසින් මිල දී ගත් ඇඳුම් අන් අය විසින් පාවිච්චි කර ඇති බවත් ය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව කියා ඇත්තේ ජන හමුවක් අමතමින්.
කෙසේ වෙතත් වර්තමානයේ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමෙන් ජනාධිපති, අගමැති, විපක්ෂ නායක ඇතුළු අමාත්‍යවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් සහ බැරකම් පිළිබඳ විස්තර ප්‍රසිද්ධ කිරීමත් සමඟ අමාත්‍ය වසන්ත සමරසිංහ සහ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටවලගේ වත්කම් සම්බන්ධයෙන් දේශපාලනික මට්ටමින් සහ මහජනතාව අතර විවිධ විවේචන එල්ල වෙමින් පවතී.