රවී කුමුදේශ්ගේ වැඩ තහනම්
Ministry of Health Sri Lanka
Ravi Kumudesh
Sinhala news
By Hashini
වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ රවී කුමුදේශ් මහතාගේ වැඩ තහනම් කර තිබෙනවා.
මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ හෙට (10) සිට ක්‍රියාත්මක වන පරිදියි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඒ අනුව, ඔහුට වැටුප් ඇතුළු දීමනා කිසිවක් හිමි නොවනු ඇති බවයි.
එසේම, විනය ක්‍රියාමාර්ග ගන්නා තුරු ඔහුට විදෙස් ගත වීමටද හැකියාවක් නොමැති බව සඳහන්ය.
රවී කුමුදේශ් මහතාගේ වැඩ තහනම් කර ඇත්තේ ආයතන සංග්‍රහයට පිටින් යමින්, 2024 මහමැතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී තරග කිරීම හේතුවෙන්.
