ඒ - 30 ප්‍රභේදය ගැන සෞඛ්‍ය අංශ වලින් දැඩි අනතුරු ඇඟවීමක්..! නැවතත් lockdown ද..?

covid19 vaccination Hemantha Herath A3 variant
By Sewvandhi Nov 01, 2021 09:22 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඒ - 30 වෛරස ප්‍රභේදයේ හැසිරීම හා ස්වභාවය පිළිබඳ අධ්‍යයනය කරමින් සිටින බව ද සෞඛ්‍ය අංශ පවසයි. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ, ලැබී ඇති දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව එම වෛරසයේ ස්වභාවය පිළිබඳ නිගමනයකට පැමිණිය හැකි බවය. වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා,

"මේ සම්බන්ධයෙන් පළමුවෙන්ම අපි කරන්නේ අවදානම තක්සේරු කිරීමක්. රිස්ක් ඇසෙස්මන්ට් කියලා අපි ඒකට කියනවා. ඒක වෛරස් සම්බන්ධයෙන් හා අනිකුත් විද්වතුන් විසින් ඒ පිළිබඳ විද්‍යානුකූල අධ්‍යයනය කරලා ලැබිලා තියෙන දත්ත විශ්ලේෂණය කරලා අපි ඉස්සෙල්ලාම යම් ආකාරයකට හැකි ඉක්මනින් මේ වෛරසය මොකක්ද ? මොකද්ද මේකේ තියෙන ස්වභාවය, මේ හැසිරෙන්නේ කොහොමද ?

කියන එක පිළිබඳව අපි විද්වත් වාර්තාවක් අපි ඉස්සෙල්ලාම ලබාගන්නවා. මේක මේ මොහොතේ කෙරීගෙන යනවා. ඊට පසු එම වෛරසය ක්‍රියාකරන ආකාරය අනුව ගත හැකි පාලන ක්‍රියාමාර්ග මොනවා ද? කියලත් ඒ අය විසින් අපට උපදෙස් ලබාදෙනවා ඇති. ඒ උපදෙස් අනුව ප්‍රායෝගිකව කළ හැක්කේ කුමක් ද ? කියලා අධ්‍යයනය කරලා ඒ අනුව අපිට කළ හැකි උපරිම ක්‍රියාමාර්ග සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් නිර්දේශ කරනවා රජයට. රජය විසින් එම නිර්දේශ ක්‍රියාත්මක කරාවි. "

මේ අතර රට නැවතත් වසා දමන්නේද ? නැද්ද ? යන්න තීරණය වන්නේ ජනතාවගේ හැසිරීම මත බව ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසිය. ඔහු ප්‍රකාශ කළේ, ජනතාව වගකීම් සහගතව හැසිරීමෙන් පමණක් යහපත් තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now