ඊයේ ලංකාව මැච් එක පැරදෙන්න හේතුව මොකක්ද දන්නව ද?. රටම බලා හිටිය හේතුව එළියට..

Report

ඊයේ (03) 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පළමු තරගය දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැත්විණ.

ඊයේ ලංකාව මැච් එක පැරදෙන්න හේතුව මොකක්ද දන්නව ද?. රටම බලා හිටිය හේතුව එළියට.. | Wanindu Hasaranga Announsment

එහිදී තරගයේ කාසියේ වාසිය දිනා  ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට කටයුතු කළේ ය.

නමුත් අවසානයේ කඩුලු 6කින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකා තරගයේ ජය හිමි කරගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකාව ලෝක කුසලානය පරාජයකින් ආරම්භ කරයි - අන්තිමට වුණේ මෙන්න මේකයි..(UPDATE/PHOTOS)

ශ්‍රී ලංකාව ලෝක කුසලානය පරාජයකින් ආරම්භ කරයි - අන්තිමට වුණේ මෙන්න මේකයි..(UPDATE/PHOTOS)


එලෙස පළමු තරගය පරාජය වීමට හේතුව ශ්‍රී ලංකා පිලේ නායක වනිඳු හසරංග පැහැදිලි කළේ මෙලෙසයි.

"අපිට ඕනේ වුණේ යම්කිසි ලකුණු ප්‍රමාණයක් බෝඩ් එකට දාලා අපි එයාලට ප්‍රෂර් එක දීලා, අපි දන්වා අපේ බෝලීන් අපි අන්තිම 20යි 20 තරග සියල්ලම ජයග්‍රහණය කළේ දෙවනියට බෝල් කරලා.

ටීම් එකක් විදිහට අපි කතා වෙලා අපේ තියෙන ස්ට්‍රෙන් එකත් එක්ක ගත්තු තීරණයක්. අපි දැක්කා අපි දෙවනියාට බෝල් කරලත් කොච්චර පීඩනයක් ඒ අයට දුන්නද කියලා. ගත්තු තීරණයේ වැරද්දකට වැඩිය අපි ඒ වෙලාවේ දාගත්ත ටාර්ගට් එකේ වැරුද්දක් මම දකින්නේ.

විකට් එක එච්චර අමාරුවෙලත් මම හිතන්නේ ලොකු ටාර්ගට් එකක් ඔළුවේ තිබුණා අන්තිම වෙනකම්. අපි ඒක අඳුරගත්තේ පස්සේ. ඒකයි අපිට වුණේ. අපි ටාගට් එක වෙනස් කරලා 125ක් 130ක් ට්‍රයි කරානම් මම හිතන්නේ මේක වෙන ග්‍රවුන්ඩ් එකක ලකුණු 180 ප්ලස් කියලා තේරෙනවා.

මේ ග්‍රවුන්ඩ් එකේ බෝලේ ගැහුවම බිම දිගේ යන්නේ. මේ දේවල් එක්ක අපි ටීම් එකක් විදියහට මැච් එක යන වෙලාවේ තව පොඩ්ඩක් අයිඩියා ෂෙයා කරගන්න ඕනේ කියලා.

අපේ ඔළුවේ වැඩ කරේ 160 ප්ලස් ලකුණු ගහන්න. මම හිතන්නේ ඒක තමයි වුණ අතපසුවීම. මම ඇතුළුව පිතිකරුවන් කතා කරගත්තනම් අපි ඒක නෙමෙයි කරන්න ඕනේ අපි 130ක් බැලුවානම්, මේ ග්‍රවුන්ඩ් එකේ 130ක් කියන්නේ 180ක් වගේ ලකුණු ප්‍රමාණයක් අපි එක් බැලුවනම් හොඳ ලකුණු ප්‍රමාණයකට යන්න තිබුණා."