හසරංග සහ අසලංකට හිමි වුණු විශේෂ දේ මෙන්න

By Sithumi Nov 15, 2021 12:52 PM GMT
Sithumi

Sithumi

Report

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ICCය විසින් නම්කළ සුපිරි කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකුව ඇතුළත් කර තිබේ. මෙලෙස එම කණ්ඩායමට ඇතුළත් කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන වනිඳු හසරංග සහ චරිත අසලංකයි. 

මෙම කණ්ඩායමට කිසිදු ඉන්දීය ක්‍රීඩකයෙකු ඇතුළත් නොවීම විශේෂත්වයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වී ඉහළ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් අතරින් තෝරාගත් ක්‍රීඩකයන් ඇතුළත් කරමින් ICCය විසින් මෙම කණ්ඩායම නම්කර ඇත. 

 එම කණ්ඩායමේ නායකයා ලෙස පාකිස්තානු නායක බාබර් අසාම් නම්කර තිබේ. එලෙස නම්කර ඇති කණ්ඩායම පහතින්.

එලෙස නම්කර ඇති කණ්ඩායම පහතින්. 

 ඩේවිඩ් වෝනර් 

 ජොස් බට්ලර් බාබර් 

අසාම්

චරිත අසලංක

ඒඩන් මාක්‍රම් 

මොයින් අලී 

වනිඳු හසරංග 

ඇඩම් සැම්පා 

 ජොස් හෙස්ල්වූඩ් 

ට්‍රෙන්ට් බෝල්ට් 

ශහීන් අෆ්රිඩි