භුමිතෙල් පොලිමේ සිදුවු තවත් මරණයක් ... පැය පහක් රැඳී සිටි අයෙක් නිවසේ දී මිය යයි...

By Subodha Apr 27, 2022 04:44 AM GMT
Report

භුමිතෙල් පොලිමේ පැය පහක් රැඳී සිටි හැටන් නගරයේ ව්‍යාපාරිකයෙකු නිවසේ දී මිය ගොස් තිබෙනවා.

භුමිතෙල් මිල දී ගැනිම සදහා හැටන් නගරයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල අසල පැය පහකට අධික කාලයක් පොලිමේ රැඳී සිටි මෙම පුද්ගලයා අලුයම ඔහුගේ නිවස තුළ දී ම මියගොස් ඇති බව යි වාර්තා වන්නේ.

මෙසේ ජිවිතක්ෂයට පත් වී ඇත්තේ, හැටන් දුඹුරුගිරිය පාරේ පදිංචි දේවනායගම් (55) ක්‍රිෂ්ණසාමි නැමති දෙදරු පියෙක්.

මිය ගිය ව්‍යාපාරිකයා හැටන් නගරයේ පැති විදියේ කුලි පදනම මත ලබාගත් වෙළෙඳසලක නිමි ඇදුම් ව්‍යාපාරය සිදු කරගෙන යන බවත් (26) දින රාත්‍රි 7ට පමණ නිවසට අවශ්‍ය භුමිතෙල් ලබා ගැනිමට ඉන්ධන පිරවුම්හලේ පොලිමට ගොස් තිබූ බවත් මිය ගිය පුද්ගලයාගේ බිරිඳ පවසනවා.

නිවසට පැමිණ තමන්ට දැඩි තෙහෙට්ටුවක් දැනෙන බව ඔහු පවසා ඇති අතර, පසු ව රාත්‍රි ආහාර ලබා ගන්නා අවස්තාවේ ඔහුට වමනය ගිය බවත් බිරිඳ ප්‍රකාශ කර තිබෙනවා.

ඉන් අනතුරු ව තම සැමියා එකවරම මිය ගිය බව යි මිය ගිය ව්‍යාපාරිකයාගේ බිරිඳ කියා සිටියේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න...
join now