Wagon R ලක්ෂ 5යි, Raize ලක්ෂ 10යි, Land Cruiser ලක්ෂ 50යි - වාහන මිල ඉහළ යන හැටි මෙන්න

Report

වාහන ආනයනය සඳහා රජය පනවා ඇති සියයට 50ක අධිභාරය දෙසැම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ කිරීම හේතුවෙන් මැයි 15 වැනිදායින් පසුව ණයවර ලිපි විවෘත කර ආනයනය කරන වාහනවල මිල රුපියල් ලක්ෂ 15ත් 50ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බව වාහන ආනයනකරුවෝ පවසති.

රජය විසින් වාහන ආනයන බදු මත පනවා තිබූ මෙම සියයට 50ක අධිභාරය පසුගිය මැයි 15 වැනිදා අවසන් වීමට නියමිතව තිබුණද, එය යළිත් දෙසැම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.

1988 අංක 83 දරන පනතින් සංශෝධිත රේගු ආඥා පනතේ 10(අ) වගන්තිය යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම දීර්ඝ කිරීම සිදුකර ඇති බව සඳහන් වේ.

ඉන්දුනීසියාවට යළිත් ප්‍රබල භූ කම්පනයක් - මරණ 53යි, 9,000කට වැඩි පිරිසක් අනාථයි

ඉන්දුනීසියාවට යළිත් ප්‍රබල භූ කම්පනයක් - මරණ 53යි, 9,000කට වැඩි පිරිසක් අනාථයි

වාහන ආනයනකරුවන් බලාපොරොත්තු වී තිබුණේ අධිභාරය තවදුරටත් දීර්ඝ නොකරනු ඇති බවයි. එහෙත් එය දෙසැම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ කිරීම හේතුවෙන් මැයි 15 වැනිදායින් පසුව ආනයනය කළ වාහනවල මිල ඉහළ යන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පැවසීය.

මැයි 15 වැනිදායින් පසුව විවෘත කළ ණයවර ලිපිවලට අදාළව ආනයනය කරන වාහනවල මිල සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව ආනයනකරුවෝ පෙන්වා දෙති.

ඒ අනුව, Wagon R මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 5කින් පමණ, Toyota Raize මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 10කින් පමණ, Vezel මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 15ත් 20ත් අතර, Prado ජීප් රථයක මිල රුපියල් ලක්ෂ 30කින් පමණ, Land Cruiser රථයක මිල රුපියල් ලක්ෂ 50කින් පමණ..

අලුත් අවස්ථා සමඟ ආදායම් ඉහළට - අද ඔබට ජයග්‍රාහී දිනයක්

අලුත් අවස්ථා සමඟ ආදායම් ඉහළට - අද ඔබට ජයග්‍රාහී දිනයක්