ජනප්‍රිය පාසලක සිසුවියක් සහ ඇගේ 30 හැවිරිදි පෙම්වතාගේ මත්ද්‍රව්‍ය සෙල්ලම මාට්ටු.........

Report

 ජනප්‍රිය පාසලක සිසුවියක් සහ ඇයගේ පෙම්වතා අද (04) අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෙම සිසුවියට වයස අවුරුදු 17ක් වන අතර ඇගේ පෙම්වතා 30 හැවිරිදි වියේ පසු වන බවයි.

මොවුන් වාද්දුව ප්‍රදේශයේම පදිංචි දෙදෙනකු බවයි පොලිසිය පැවසුවේ. ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ, ඇය හොරණ ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පංතියකට සහභාගීවී නිවසට පැමිණෙන අතරතුර මෙම මත්ද්‍රව්‍ය පෙම්වතාට පානය කිරීමට තබාගත් බවය. 

කෙසේ වෙතත් මොවුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇද්ද යන්න ? සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා  අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කිරීමට නියමිත බවයි සදහන් වන්නේ.

පසුව මොවුන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.