රටක්ම බියේ ගිල්වමින් පේජර් සහ වෝකි ටෝකි යන්ත්‍ර පිපිරීමෙන් මියගිය ගණන විශාල ලෙස ඉහළට..

By Sewvandhi Sep 19, 2024 12:12 PM GMT
Report

දින දෙකක් තුළ ලෙබනනයෙන් වාර්තා වූ පේජර් සහ වෝකි ටෝකි යන්ත්‍ර පිපිරීමෙන් මියගිය ගණන 32ක් දක්වා ඉහළගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

අඟහරුවාදා සිදුවූ පේජර් පිපිරීමෙන් 12 දෙනෙක් මියගොස් 3,000කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබුණි.

එසේම ඊයේ (18) වාර්තා වූ වෝකීටෝකි යන්ත්‍ර පිපිරීමෙන් 20 දෙනෙක් මියගොස් 500කට ආසන්න පිරිසක් මියගොස් තිබුණි.

මේ අතර ලෙබනනයේ බේරූට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ පේජර් සහ වෝකීටෝකි යන්ත්‍ර භාවිතය තහනම් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.

එසේම ලෙබනනයේ ජනතාව මේ වනවිට ජංගම දුරකථන පාවිච්චි කිරීමට පවා බියෙන් පසුවන බව සඳහන් ය.