වහාම හැමෝම දැනුවත්වන්න..!කිණිතුල්ලන්ගෙන් මිනිස්සුන්ට බෝවෙන බිහිසුණු වෛරසය..
By Sewvandhi
මිනිස් මොළයට බලපෑම් කළ හැකි නව වෛසරයක් චීනයෙන් හඳුනාගෙන තිබේ. කිණිතුල්ලන් මගින් මිනිසුන්ට බෝවන මෙම වෛරසය 'වෙට්ලන්ඩ් වයිරස්' ලෙස විද්‍යාඥයින් විසින් හඳුන්වාදී ඇත.
මෙම වෛරසය පළමු වරට හඳුනාගෙන තිබුණේ, චීනයේ ජින්ෂු නගරයේ තෙත්බිම් උද්‍යානයක සේවය කිරීමෙන් පසුව රෝගී වූ 61 හැවිරිදි පුද්ගලයෙකුගෙන් ය.
මෙම වෛරසය ආසාදනය වීමෙන් මිනිස් මොළය හා සම්බන්ධ බරපතළ සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ හැකියාවක් පවතින බවයි, විද්‍යාඥයින් සිදුකළ පර්යේෂණවලින් අනාවරණය වී ඇත්තේ.
