දෙන්නෑ දෙන්නෑ කිව්වට ප්‍රභූ ආරක්ෂාව දෙනවලු

Report

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රිවරු හැටහය දෙනාගෙන් ජීවිත තර්ජන ඇති මන්ත්‍රිවරුන්ට යළිත් වරක් ඇමැති ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්ෂාව ලබාදීම කෙරේහි පොලිස් මූලස්ථානයේ අවධානය යොමු වී තිබේ.

සිය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඇමැති ආරක්ෂක නිලධාරීන් ලබාදෙන ලෙස විපක්ෂයේ ඇතැම් මන්ත්‍රිවරු කථානායකවරයාගෙන් ඉල්ලා තිබිණි.

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට..? වැලිකඩ සුදානම්

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට..? වැලිකඩ සුදානම්

ඒ අනුව පාර්ලිමේන්තුවේදී පසුගිය සිකුරාදා (23 වැනිදා) විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

විපක්ෂයේ මන්ත්‍රිවරු ඊට එක්ව සිටි අතර පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහණධීරද ඊට එක්ව සිටියාය.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඇතුළු පොලිස් ප්‍රධානීන්ද එක්ව සිටි මෙම සාකච්ඡා​වේදී විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ යෝජනා කෙරෙහි දැඩි අවධානය යොමුකර ඇත.

ඒ අනුව ජීවිත තර්ජන ඇති බවට පැවසෙන මන්ත්‍රිවරුන්ට ඇති තර්ජන පිළිබඳව බුද්ධි අංශ යොදවා ආරක්ෂක තක්සේරුවක් ලබාගැනීමට නියමිත බව පොලිසිය පවසයි.

අනතුරුව ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට නියමිතය.

බොන්නවත් වතුර නෑ - කහවත්ත විද්‍යාපීඨය (PHOTO)

බොන්නවත් වතුර නෑ - කහවත්ත විද්‍යාපීඨය (PHOTO)